Skip to content

Hot News

Local News

රුමේනියා යවන විදෙස් රැකියා ජාවාරමක තතු එළියට

කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා

Political News

ජනපති කැඳවූ රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි. ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා

Foreign News

  • හිටපු ජනාධිපති ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනි තබාගනී

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය. ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි

  • කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂය

    කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව වාර්තා වෙයි. ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී  අනතුරට ලක්වී ඇති බව එරට ජනාධිපතිවරයා පැවසීය.   ජෙනරාල් ෆ්‍රැන්සිස්, කෙන්යාවේ උසස්ම හමුදා නිලධාරියා වෙයි. එම අනතුරෙන් දිවි ගලවා ගැනීමට වාසනාව ලැබී ඇත්තේ දෙදෙනෙක්

  • ඉරාන ජනපති ලංකාවට

    ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011

  • ඉරානයට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයට සහාය නොදෙන බව අමෙරිකාව කියයි

    ඔපරේෂන් ටෘෘ ප්‍රොමිස් නමින් ඉරානය එල්ල කළ ප්‍රහාරවලට නිසි කාලය පැමිණි විට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති පසුබිමක අමෙරිකාවද ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව අමෙරිකාව පවසන්නේ ඉරානයට එරෙහි කිසිදු ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලයට සහාය නොදක්වන බවය. එසේ නොවුනහොත් කලාපය තුළ පාලනය කළ නොහැකි යුදමය තත්ත්වයක් උද්ගත විය හැකි බව

  • සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතබයි

    බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව එරට පොලීසිය පවසයි. අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිවසේ පිටත බිත්ති වල

  • ඊශ්‍රායලයට පිළිතුරු දෙන්න ඉරානය මිසයිල 100ක් සූදානම් කරයි

    ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට වාර්තාවීමත් සමග එම කලාපය වෙත ලෝක බලවතුන්ගේ අවධානය යොමුවී තිබේ. ඉරානය ඉතාමත් ආසන්න දිනක ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත. ඒ සම්බන්ධව අදහස් පළකළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ

  • සුරූපී කොරියානු ගායිකා පාර්ක් බෝරම් අබිරහස් ලෙස මරුට

    සුරූපී ප්‍රසිද්ධ කොරියානු ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ. 30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර ඊයේ (11) සවස සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී ඇති අතර ඇය එහිදී මත්පැන් පානය කර තිබිණි. පසුව ඇය එම නිවසේ නාන කාමරයට ගොස් ඇති අතර,

  • බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ

    ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර

  • ලෝකෙම හෙල්ලූ බැංකු වංචාව – මුළු සොරකම ඩොලර් බිලියන 44ක්

    මෙම නඩු විභාගය සැලකෙන්නේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය.  ඒ මෙහෙත්ක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාවක් හා සම්බන්ධ නඩු විභාගයකි. වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් යටතේ පවතියි. එබැවින් එහි දැඩි නීති ක්‍රියාත්මක වෙයි. කොමියුනිස්ට් රාජ්‍යයක් වුවද එරට වංචාව දූෂණය සමාජය වෙළාගෙන ඇති පිළිලයක් බව ජනතාව චෝදනා කරති. එබැවින් මෙම බැංකු

  • ලොවම කලඹමින් ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

    අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය. එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය

Union News

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන්

ඉන්දීය සම්භවයක් සහිත ලාංකිකයන්ගේ ‘අනන්‍යතාව වසං කිරීමේ වෑයමක්’

මලය කඳුරට දෙමළ ජනතාවගේ අනන්‍යතාව වසං කිරීමේ උත්සාහයක් ගැන ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ බලධාරියා වතුකරයේ ප්‍රධානතම වෘත්තීය සමිතියේ දෝෂ

ගුරු විභාග අහිමි උපාධිධාරීන්ගේ සංගමය විරෝධතාවයක්

ගුරු විභාග අහිමි උපාධිධාරීන්ගේ සංගමය විරෝධතාවයක් ගුරු විභාග අහිමි උපාධිධාරීන්ගේ සංගමය විසින් අද (28) දින කොළඹ ජනාධිපති ලේඛම් කාර්යාලය වෙත

Technological News

Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා

ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.

මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.

කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.

ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි

Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු

WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.

Business News

  • ෂැංග්‍රීලා හෝටලයේ
    සහරාන් නවාතැන් ගත්
    කාමර අංක 616 යේ අභිරහස..!
    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

    ෂැංග්‍රීලා හෝටලයේසහරාන් නවාතැන් ගත්කාමර අංක 616 යේ අභිරහස..!පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

  • ලාෆ්ස් ගෑස් මිලේ ලොකු වෙනසක්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම සමාගම පවසන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරන බවය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,111කි. එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද පහළ දැමීමට

  • සැක කටයුතු මරණයක්

    හපුතලේ, පිටපොළ ප්‍රදේශයේ මාර්ගය අයිනේ ළඳු කැලැවක පුද්ගලයෙකු සැකකටයුකු ලෙස මියගොස් තිබේ. ඊයේ (23) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, බෝවත්ත, ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය

  • පරීක්ෂණ කොමිෂන් සභාවක කාලය දීර්ඝ කෙරේ

    මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පියවර ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබීය.

  • උද්ධමනයේ සිදුවූ  වෙනස

    2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත. 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ. එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර

  • අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්

    පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල්මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශකටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

  • සංක්‍රමනිකයින් පිරිසක් මුහුදේ ගිලී මරුට

    මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය.

  • අලුත් වාහනයක් ගන්න ඉන්න අයට ආරංචියක්

    ලෝකයේ විදයුත් වාහන වෙළෙඳපොළේ කිරුළ හිමිකරගෙන සිටින චීනයේ BYD දැන් නව වෙළෙඳපොළ අතික්‍රමණය කරමින් සිටින බව වාර්තා වෙයි.  2015 හෝ 2016 කාල වකවානුවේ ජපානයේ නිසාන් පරදවා ලෝකයේ විද්‍යුත් වාහන වෙලෙඳපොළ අංක 1 බවට පත්වීමට ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් වාහනය සමත් වුණි.  එතැන් පටන් විද්‍යුත් වාහන ක්‍ෂේත්‍රයේ අසහාය ප්‍රමුඛයා බවට පත්

  • IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ. ඒ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත

  • ෆේස්බුක් බිඳ වැටීමෙන් මිලියන 100 ක පාඩුවක්

    ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය වූයේ ඊයේ දිනයේය. ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් යන සමාජ මාධ්‍ය

Sports News

  • IPL වාර්තා අලුත් කළ සුපිරි තරගයක්

    IPL තරගාවලියේ RCB කණ්ඩායම සහ SRH කණ්ඩායම අතර ඊයේ පැවති සුපිරි ක්‍රිකට් තරගය වෙත ලෝකයේම අවධානය යොමුවිය. ඒ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලොව ජනප්‍රියම තරගාවලිය වන IPL හි වාර්තා ඊයේ දිනයේ අලුත්වීම හේතුවෙනි. ඊයේ පැවති තරගය RCB කණ්ඩායම ලකුණු 25කින් පරාජය කළ SRH කණ්ඩායම ජය හිමිකරගැනීමට සමත්විය. SRH කණ්ඩායම පන්දුවාර

  • මුම්බායි වැනසූ මතීෂ තරගයේ වීරයා වෙයි

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. එම තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු  4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත

  • හංසනීගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

    තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණි. ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියෙනි. ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු හංසනී ගෝමස් ස්නැච්

  • ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියස

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අවසන් වනවිට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා සිටියේය. අද දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක්

  • චන්දිමාල් හදිසියේ ම නැවත පැමිණෙයි

    මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, “ඔහුගේ පවුලේ වෛද්‍යමය හදිසි තත්ත්වයක්” හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවය. දිනේෂ් චන්දිමාල් හැකි ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිත

  • ශ්‍රී ලංකාවට එරෙහි දෙවන තරගයට ශකීබ් ව කැඳවයි

    ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබේ. ඉකුත් දා බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද ඔහු තේරී පත්වී තිබුණි. හිටපු නායක ශකීබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2023 අප්‍රේල් මාසයේදීය.  ඔහුගේ

  • ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය.

  • නීල් වැග්නර් සමුගනී

    නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු එම තීරණය ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟය. තමාව ටෙස්ට් තරගාවලිය සඳහා

  • ලංකා T10 තරගාවලිය දෙසැම්බරයේ

    පළමු ලංකා T10 තරගාවලිය 2024 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව වාර්තා වෙයි. ඒ අනුව එම තරගාවලිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර එක් සංචිතයකට ක්‍රීඩකයින් 16ක් අයත් වෙයි. ඉන් 6 දෙනෙක් විදෙස් ක්‍රීඩකයින් ය.

  • වනිඳු හසරංග ට තරග තහනමක්

    ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ICCයෙන් තරග තහනමක් පවනවා තිබේ. ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වෙයි. පසුගියදා පැවති ශ්‍රී

Gossips

  • මගේ හීන මහා ලොකුයි මම පොඩිකාලේ ඉදන්ම ආසවක් තිබ්බේ රටම දන්න කෙනෙක් වෙන්න

    කවුද මේ සුසාන් කියන්නේ ? මගේ නම රණසිංහ ආරච්චිගේ සුසාන් මාලින්ද පෙරේරා මගේ වයස දැනට අවුරුදු 24යි.මගේ ගම කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල .පවුලේ විස්තර කිව්වොත් මගේ පවුලේ අම්මායි,තාත්තායි,අක්කයි,නංගි,මල්ලියි.මම පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවා O/L වෙනකන් ගියේ ගමේ පාසලට බප/පිළි/ආනන්ද සමරකෝන් මහ විද්‍යාලය වෑවල , A/L කලේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය.එමෙන්ම මම උසස්

  • අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

    රුපියල් මිලියන 7.5ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත්වූ අය අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ද සිටින බවය. එම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, ග්‍රෑම් 510ක් වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින්ය.

  • අයිස් සමග තවත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

    කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (19) බ්ලුමැන්ඩල් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම්

  • දමිතා අධිකරණයට රැගෙන එයි

    මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මියව අද (17) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

  • ඉරාන ජනපති ලංකාවට

    ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011

  • උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක්

    උත්සව සමය වෙනුවෙන් අද (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200ක් පමණ සේවයට යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ. කොළඹ සහ අවට ප්‍රදේශවල සිට

  • වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

    ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන “අයියෝ සාමී” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනාගෙන තිබේ. මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියාය. මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට ගීත ඇගයීම

  • ලොවම ආදරේ සුපිරි වීරයාට හදිසි සැත්කමක්

    ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති බවත් මේ වනවිට pacemaker උපකරණයක් සවිකර

  • කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 ක්

    කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ මේ පිළිබඳ ලේඛනගත කර ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවය.

  • අද ගිගුරුම් සහිත වැසි

    අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

© 2024 Srilankantribune . All Rights Reserved