Skip to content

Hot News

Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

 ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (29) දහවල් 12 සිට

Political News

මන්ත්‍රී වරප්‍රසාද ගැන පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ප්‍රකාශයක්

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. මාධ්‍ය

Foreign News

  • ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන් විරාමය ඇරඹේ

    වසරකට අධික කාලයක් පැවැති යුද්ධය නිමාවට පත් කරමින් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27දා) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. පසුගිය මැයි මාසයේදී ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරනු ලැබිණ. අමෙරිකාවේ සහ ප්‍රංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සාකච්ඡා

  • මෙක්සිකෝවේ තවත් වෙඩිතැබීමක් – 6ක් මරුට

    මෙක්සිකෝ මත්පැන් අලෙවි හලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙක් මිය ගොස් තිබේ. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.  මීට සති දෙකකට පෙර මධ්‍යම මෙක්සිකෝවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10

  • රොබෝවරුන් 12ක් පැහැරගත් රොබෝ පැංචා

    චීනයේ කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිෂ්පාදිත එර්බායි නම් රොබෝවරයෙක් ප්‍රදර්ශනාගාරයකින් රොබෝවරුන් 12 දෙනෙකු පැහැරගෙන යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ එර්බායි තමන්ට වඩා විශාල රෝබෝ යන්ත්‍ර සමග මානවරූපී සංවාදයක් ආරම්භ කර ඇති අතර ඔහු එහිදී මෙම රොබෝවරුන්ගේ සේවා කාලය පිළිබඳව ඔවුන්ගෙන් විමසා තිබූ බවය. එම

  • නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ ස්ථාවරය

    එළැඹෙන ජනවාරි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ඊයේ (16) සිදුවිය. ඒ පේරු හිදී පැවැත්වෙන ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරතුරදීය. එහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ තේරීපත්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. කෙසේ නමුත්

  • චීනයේ  පිහි ඇනුමකින් 8 දෙනෙකු මරුට

    චීනයේ වුක්ෂි නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක් තුළ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් එම අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු එම අධ්‍යාපන ආයතනයේ මුහුණ දුන්

  • චීනයේ 35 දෙනෙක්ව ඝාතනය කෙරේ

    චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි විශාල පිරිසක් මරණයට පත් කර තිබේ. සැකකරු 62 හැවිරිදි පුද්ගයෙකි. ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ එම සිදුවීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මරණයට පත් වී තවත්  43 දෙනෙකු තුවාල ලබා ඇති බවය. මිය ගිය සහ තුවාල

  • අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇයගේ මෙම චාරිකාව මගින් දකුණු ආසියාවේ තරුණ නායකයින් සවිබල ගැන්වීම, ප්‍රජා සහභාගීත්වය පිළිබඳ සහයෝගීතාව පෝෂණය කිරීම සහ තරුණ නායකත්වය, සංස්කෘතික සංරක්ෂණය

  • පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

    නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි. පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට

  • ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතයි

    අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. එම ‘X’ පණිවුඩයේ දැක්වෙන්නේ, ‘අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  තේරී පත් වූ ඩොනල්ඩ් ජේ.

  • හින්දු – සික් ගැටුම පැතිරෙයි ?

    කැනඩාවේ සිටින ඉන්දීය තානාපති නිලධාරීන්ට හිරිහැර කිරීම බියගුළු ක්‍රියාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසයි. කැනඩාවේ දී ඉන්දීය විරෝධී සික් ජාතිකයෙක් ව පසුගිය වසරේදී ඝාතනය කිරීමෙන් අනතුරුව දෙරට අතර හොඳ හිත පළුදු විය. එම ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉන්දීය රජයට චෝදනා කළේය. මේ අතර පසුගිය ඉරිදා කැනඩාවේ බ්‍රැම්ප්ටන්

Union News

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති

විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 18 වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව

Technological News

Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා

ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.

මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.

කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.

ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි

Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු

WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.

Business News

  • A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

    කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ අතර මේ වනවිට එම ප්‍රදේශයේ

  • ෆෙන්ගල් හෙට තමිල්නාඩුවට කඩා පනී

    ‘ෆෙන්ගල්’ සුළි කුණාටුව සිකුරාදා දිනයේ තමිල්නාඩු වෙරළට කඩාවදිනු ඇති බව ඉන්දීය කාලගුණ අංශ අනාවරණය කරයි. පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වූයේ ඊයේ දිනයේය. මෙම සුළි කුණාටුව ‘ෆෙන්ගල්’ ලෙස නම් කර ඇත්තේ සවුදි අරාබිය විසිනි. තමිල්නාඩු ප්‍රාන්තය පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයට අයත් වෙරළබඩ කලාප ද මේ සුළි කුණාටුවේ බලපෑමට

  • ජලාශ 73ක ජල මට්ටම සියයට 65 ඉක්මයි

     අධික වර්ෂාපතනය හමුවේ දිවයින පුරා ඇති ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමටද පියවර ගෙන ඇති බවය.  මේ හේතුවෙන් දිවයිනේ ජලාශ 73න් 23ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් බොහොමයක් මේ

  • නැගෙනහිර වෙරළෙන් තමිල්නාඩුවට පනින චණ්ඩියා

    ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ අසලින් ගොස් තමිල්නාඩුවට ඇතුළුවීමට නියමිත සුළි කුණාටුව ‘ෆෙන්ගාල්’ ලෙස නම්කර තිබේ. පීඩන අවපාතයක් ලෙසින් නිර්මාණය වූ මෙම කුණාටුව වර්ධනය වූයේ මඩකලපුවට කිලෝමීටර් 500ක් ගිනිකොන දෙසට වන්නටය. මෙම කුණාටුව බ්‍රහස්පතින්දා (28දා) දිනයේ තමිල්නාඩුවට ඇතුළු වනු ඇතැයි බලාපොරොත්තු වේ. මේ සුළි කුණාටුව නිසා උතුර, නැඟෙනහිර ඇතුළු බොහෝ ප්‍රදේශවලට

  • පාසල් විද්‍යාගාරයක් ගිනි ගනී

    පාසල් විද්‍යාගාරයක ඊයේ (15) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ විද්‍යාගාරයේ මෙම ගින්න හටගෙන තිබූ බවය. ඊයේ රාත්‍රී  10:30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. සිද්ධිය පිළිබඳ මාතලේ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

  • බුදුන් වඳිමින් සිටි ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝලය තබා දෑත් දෙපා බැඳ කෝටි 7ක මැණික්-රන් කොල්ලකාලා

    බිරියගේත්-පියාගේත් දෑත් සහ කට බැඳලාසීසීටීවී රෙකෝඩරයත් උස්සලා ලග්ගල, දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසට ඇතුළු වූ නාඳුනන කල්ලියක් ව්‍යාපාරිකයාගේ බිරිය සහ ඔහුගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඔහුගේ මෝටර් රථයෙන්ම පලා ගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි. පස්දෙනකුගෙන් යුත් මෙම මැර කල්ලිය පසුගිය

  • මහ ජන්දෙට පාට කරන ඇඟිල්ලත් වෙනස්වෙයි

    2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය. “පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ

  • ලොහාන් රත්වත්තේට ඇප ඉල්ලා පෙත්සමක්

    මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල

  • වෙළෙඳපොළේ නාඩු සහල් ගැන අනාවරණයක්

    වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එමෙන්ම ඉකුත් සති කිහිපයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ ගිය අතර නාඩු සහල්වල හිඟයක් ද පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වනදා

  • ආරුගම්බේ ප්‍රහාරයකට සැලසුම් කළෙත් ට්‍රම්ප් ඝාතනයට කුමන්ත්‍රණය කළ ඉරාන ජාතිකයායි

    අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) චෝදනා ගොනු කර ඇති 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති ඉරාන ජාතිකයා ආරුගම්බේහිදී ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමටත් ඉරාන බලධාරීන් විසින් යොදවා සිටි අයකු බව අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයේ විප්ලවීය

Sports News

  • ශූරයන්ගේ කුසලානය ගැන ICC අවසන් තීරණය අද ?

    ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම්කළ ලෙස පාකිස්තානයේදීම පවත්වනවාද, නැතහොත් විකල්ප ස්ථානයක් ඒ සඳහා යොදාගන්නවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (29) රැස්වීමට නියමිතව ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානට ගොස් ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට මතභේදයට තුඩු දී තිබේ. ඒ හේතුවෙන් මේ

  • ප්‍රබාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (26) එළිදැක් වූ නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහු 7වන ස්ථානයේ සිට මෙලෙස ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත. මෙම පැමිණීමත් සමග ප්‍රබාත්ට ශ්‍රේණිගත ලකුණු 801ක් හිමිව ඇති අතර, එය ඔහු ටෙස්ට්

  • නුවන් තුෂාරට ලොකු මිලක්

    2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය මේ වනවිට පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිලදී ගත්තේය. ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකටද, අලෙවි විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.80කි. එළැඹෙන

  • IPL වෙන්දේසියේදී ශ්‍රෙයාස් අයියර්ට ඉතිහාසගත මිලක්

    අද (24) ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලකට අලෙවි විය. මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා අතරට එක්විය. මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට

  • IPL ක්‍රීඩක වෙන්දේසිය අද

    ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙයි. IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. 2025 IPL ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 14 වැනිදා සිට මැයි 25

  • දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ

    ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ. ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබේ. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන

  • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (17) පැල්ලේකැලේදී පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුයැවීමට තීරණය කර ඇත. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු

  • ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 සංචිතය නම් කෙරේ

    නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. ශ්‍රී ලංකා 20යි 20 සංචිතය චරිත් අසලංක (නායක)පැතුම් නිස්සංකකුසල් මෙන්ඩිස්කුසල් ජනිත් පෙරේරාකමිඳු මෙන්ඩිස්දිනේෂ් චන්දිමාල්අවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂවනිඳු හසරංගමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේජෙෆ්රි වැන්ඩසේචමිදු වික්‍රමසිංහමතීෂ පතිරණනුවන් තුෂාරබිනුර ප්‍රනාන්දුඅසිත ප්‍රනාන්දු

  • සුමති ධර්මවර්ධන ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කෙරේ

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.

  • මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

    ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් ලෙස සැලකෙන මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව අද (29) නිවේදනය කළේය. වේඩ් සමුගන්නාවිට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36ක්, එක්දින ජාත්‍යන්තර තරග 97ක් සහ 20 -20 ජාත්‍යන්තර තරග 92ක් ක්‍රීඩා කර තිබුණි. 36 හැවිරිදි වේඩ් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනකදී ඔස්ට්‍රේලියාව

Gossips

  • දැනටමත් Hollywood වලින් ඇරයුම් එන ලංකාවේ මේඝ

    මිස්ටර් වර්ල්ඩ් (Mr: World ) තරගා­ව­ලි­යට සහ­භාගී වී ලෝකයේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් අව­සන් දස­දෙනා (Top 10) අත­රට තේරී පත් වූ මේඝ සූරි­ය­ආරච්චි හට මේවන විටත් හොලිවුඩ් සිනමාවෙන් (Hollywood) ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ. පසුගියදා වියට්නාමයේ පැවැති මිස්ටර් වර්ල්ඩ් තරඟාවලියට එක්ව ඉකුත් 26වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළින් උප­න්බිම වෙත ඔහු පැමි­ණි­යේය.

  • නැන්දම්මා පින්කමට ගිය අතරේ ලේලි නැන්දම්මාට ඉගැන්වූ පාඩම

    නැන්දම්මා කුසලකර්මයකට දායක වන්නට නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී ලේලිය නිවසේ රැඳී අකුසලයකට දායකවීම නිසා නැන්දා, ලේලිය කෙස්වලු පටලවා ගත් පුවතක් යාපහුව රාජධානියෙන් වාර්තා වෙනවා. එකම ඉඩමේ නිවෙස් දෙකකි. එක නිවහනක නැන්දම්මා හා මාමණ්ඩිය වාසය කරති. ඒ මිදුලේම තවත් නිවසක ලේලිය තම දරුවන් දෙදෙනා සමඟ වෙසෙති. ඇයගේ සැමියා විදෙස්ගතව සිටින්නේය.

  • තුන්කොන් පෙම මිනී මරයි 

    තණමල්විල, හම්බෙගමුවේ සිට කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවක් තුළට රැගෙන ගොස් 35 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා සැකකාරිය ලබන මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වරයා පෙරේදා (23 දා) නියම කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බෙගමුව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක

  • දිය නෑමට ගිය ජනිඳුට වුණු දේ

    නෙළුව පොලිස් වසමේ හප්පිටිය ,ඇහැලපිටිය ප්‍රදේශයේදී ගිං ගඟේ දිය නාමින් සිටි මිතුරන් පිරිසකගෙන්  එක් අයෙක්  දියේ ගිලී මියගොස් ඇතැයි නෙළුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් ඉදිරි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව කියන නෙළුවේ පදිංචි  සුරේන්ද්‍ර ආරච්චිගේ ජනිඳු  පබසර  නැමති 19 හැවිරිදි

  • මං කාගෙවත් කොන්ත්‍රාත්කාරයෙක් නොවේ

    තමා කාගේවත් කුලී කොන්ත්‍රාත්කරුවකු නොවන බව ජනපති අපේක්ෂක හිටපු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර සිටියේ පසුගියදා මහරගම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පැවති හමුවකදීය. මෙම හමුව මහරගම ශ්‍රීලනිප සංවිධායක සමන් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රාජපක්ෂ මහතා

  • සිසුවෙක් අපයෝජනය කළ කත අත්අඩංගුවට

    කල්පිටිය කන්දකුලිය වැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලිය වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.

  • ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

    එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.  ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර

  • රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට

    එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

  • හමුදා සැරයන් පාලිකාවකට අතවර කරලා

    අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර, පොලිස් මුර පොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින්

  • රටම බලා සිටින ඉන්ධන මිල ගැන, සුබම සුබ ආරංචියක්

    මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති පසුබිමකයි. ඒ අනුව ඊයේ දිනයේ ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබු අතර එහි මිල සටහන් වුණේ ඩොලර් 77.16ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට්

© 2024 Srilankantribune . All Rights Reserved